Archive
අඹ රුක් සෙවනැල්ලේ – මේ රන් ඔන්චිල්ලේ
පෙම් ගී ගයමින් පදිනට එන්නේ – මා සුර සියුමැලියේ
උඩරට තාලෙට ඔසරිය ඇඳලා – මුතු දෙපොටක් බැඳලා
කන් අග රන් තෝඩුද ගෙල මාලා – සරසවි කුමරි වගේ
සුරතල් සොඳුරී මා අග රැජිණී – ඔබ මගෙ සුදු සුකුමාලී
අඹ රුක්…
දුරුතු මහේ මද සුළඟේ සැලෙනා – අර ලා දඹ අත්තේ
ගිරවිය හා ගිරවා එක තුරුලේ – ඔන්චිලි පදින ලෙසේ
ගෙල වට අතලා පෙම් ගී ගයලා – යමු පදිනට ඔන්චිල්ලා
අඹ රුක්…
වතුසුදු අරලිය මාලා පළඳා – ඔබ සරසමි මැණිකේ
නළලේ කොපුලේ දෙතොලේ මී බී – මම මත්වෙමි මැණිකේ
තුරු වදුලට වී තුරුලේ නැලවී – අපි ගයමු අමර පෙම් ගී
අඹ රුක්…
ගායනය: C.T. ප්‍රනාන්දු
පද රචනය:
සංගීතය:
කඳුළ ඉතින් සමාවෙයන්
අපි වෙන්වෙමු අද හවසට
මගෙ ගෙපැලට ඈ එනවා
සිරි යහනේ තනි රකින්න… //
කළු වළාව නැගෙන්නෙපා – ගඟට උඩින් හැන්දෑවට
මුදුන් ලීය යටින් මුකුළුවේ – ගොම ඇහිරෙයි අළුත් ගෙපැල
කන්ද කපා හඳ පායා – සඳරැස් යහනට වඩින්න
සඳ එළියෙන් ඇගේ ගතේ – පිපි ගෝමර මල් දකින්න
කඳුළ ඉතින්…
මල් දෙවැටේ වතුසුදු මල් – පිපේවි ඈ පිළිගන්නට
කොපුල් තලා ඔමරි සිනා – මතුවෙයි මල් පරදන්නට
බිළිඳු ගෙනා කිරි සුවඳක් – ගෙපැල දොරින් හමා එන්න
ඉඩදීයන් වළාකුලේ – මගෙ සිහිනය මල් පිපෙන්න
කඳුළ ඉතින්…
ගායනය: කීර්ති පැස්කුවල්
පද රචනය:
සංගීතය:
මේ දැං යාළුවෙක් මේ ලින්ක් එක එව්වෙ. මේක නං මා…………රයි…!
පලි: මේකෙ යූටියුබ් වීඩියෝ එකක් දාන්න දන්නෙ නෑ. ඉතිං මෙන්න ලින්ක් එක. ගිහින් බලන්න…
http://www.youtube.com/watch?v=e3kyNGVK-hI
ගූගල් නං මා…………..රයි…!
මැරතන් නිදි මරාගෙන දුවද්දි සරීස සෞක්කිය ගැනත් හිතන්ඩ එපායැ. ඉතිං මං අඩුම කුඩුම ටිකක් කිට්ටු කරගත්තා. (ඔව් ඔව් කන බනේමයි)
- අවුරුදු නෂ්ඨාවශේෂ (කැවුම් කෑළි, කේක් කෑලි ආදිය)
- වතුර බෝතලයක්
- කෝඩියල් ජෝගුවක් (ඉතුරු වෙලා තිබුනු කෝඩියල් ඇබිත්තක් දැමූ වතුර ජෝගුවක්)
- කෙසෙල් ගෙඩි කීපයක්
නරකම නෑ නේද?
කිමද සුමිහිරියේ මෙ අරුමේ
මහද පිබිදෙන්නේ
ඔබගෙ දෑසේ නැගෙන කැළුමේ
රහස නැත දන්නේ… //
සෙවනැල්ල වගේ ඔබ එන විලසේ
මට දැනේ නිතර රහසේ
මුදු තොල් පොපියා – කිසිවක් නොකියා
ඇයි යන්නෙ පැන විගසේ
හැම උදේම තනියම මෙසේ
හැම උදේම තනියම මෙසේ
ප්‍රිය ළඳේ ඔබව හමුවේ
කල්පනාව පෙම්බර සිනාව පින්බර
මගේ සිතට සුවදේ
කිමද සුමිහිරියේ…
කෙහෙරැල්ල වැටී නළලත සිරසේ
සිහිලසේ බොළඳ මුහුණේ
වන මල් පිපලා – බරවී නැමිලා
ළංවෙන්නෙ ඇයි මැණිකේ
දිනුවාම හවත ඔබේ
දිනුවාම හවත ඔබේ
දුක නැසී සතුට ඇතිවේ
ඔබ ගියේ බලන් හිඳ අගේ කරන්නද
කියන්න සුමිහිරියේ
කිමද සුමිහිරියේ…
ගායනය: C.T. ප්‍රනාන්දු
පද රචනය:
සංගීතය:
මුලින්ම මං කැමතිම සංගීතඥයා වන ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයගෙ අතින් නිර්මාණය වුණු ගීයක් පළ කරන්න හිතුවා.
දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
ඈත කඳුකරෙන් එන නළ ගෙනෙන්නෙ ඔබෙ හඬ… //
කුමාරියේ…
අමතක නොවේ – ලස්සන රුවේ – සිත සැනසුවේ…
අතින් අත වෙලී වෙරළේ තනිවුණු මොහොතේ
ඈත නිම්වළල්ලේ නෙත් රැඳවුණු මොහොතේ… //
සිත කැළඹුනේ ඇයි නොම දැනේ
කී දෙයක්ද අරුමයක්ද මට හිතා ගන්න නොදී…
දෑස පියාගත් කල…
ගලින් ගල හැපී පෙන කැටි විසිරෙනු දැකලා
නිම්නොවූ සිතේ සතුටින් හසරැලි පිපිලා… //
මතකය මගේ අවදී වුනේ
ඒ එදාය මේ මෙදාය මට හිතාගන්න නොදී…
දෑස පියාගත් කල…
ගායනය: ජැක්සන් ඇන්තනී ඇතුළු පිරිස
පද රචනය:
සංගීතය: ක්ලැරන්ස් විජේවර්ධන
මේ වතාවෙ සුපුරුදු ලිපි වලට අමතරව විශේෂයක් කරන්න හිතුවා. (මේක ටිකක් ලේසි වැඩක්, තට්ටෙ පෑදෙනකං ලියන දේ හිතන්න ඕනෙ නෑ නෙ)
විශේෂත්වය තමයි මේ පාර වැඩි ලිපි ප්‍රමාණයක සිංහල ගීත පදමාලා පල කරන්න උත්සාහ කරන එක. ඔය අළුත් පන්නයේ සිංදු නම් මං අහන්නෙ නැති නිසා ඒ පද මාලා නොලියවෙයි.
කියවන අය කැමති සිංදුවක් තියනව නම් පද මාලාව දැනගන්න ප්‍රතිචාරයක් හරහා ඉල්ලීමක් කරන්න පුළුවන්. සිංදුව හොයාගන්න හැකි වුවොත් ඉදිරි ලිපියක ඒ සිංදුව පල වේවි.
මීට අමතරව ඒ ගීත වල ගායකයා, සංගීත නිර්මාපකයා, ගී පද රචකයා සහ එය චිත්‍රපට ගීයක් නම් එහි නමත් පල කරන්න උත්සාහ කරනවා. ඒ තොරතුරු මා නොදනීනම් හිස්ව තබනවා. ඔබ දන්නවා නම් ඒ ගැන ප්‍රතිචාර ඔස්සේ දන්වන්න. හැමෝම දන්න හැටියට උදව් වෙයි කියල හිතනවා.
මේ පාර ඔන්න බ්ලොග් මැරතන් එකට ශ්‍රීශානුටත් දුවන්න වාසනාව පෑදිලා. ගියපාර වැඩේ වැරදුනානෙ.
මේ වතාවෙ පැය 24ක්ම හති නොවැටි දුවන්නෙ කොහොමද කියල හිතාගන්නත් බෑ. ටික ටික දුවනවා.
අළුත්ම තාලෙක ලිපි ටිකක් (ඒ අතර සුපුරුදු ආකාරයේ ලිපිත් ලියවෙයි) පළ කරන්නයි මේ පාර අදහස. වැඩි පුරම සිංහල සිංදු වල පද ලියා පළ කරන්නයි හිතාගෙන ඉන්නෙ. ඒ ගැන ඊළඟ ලිපියෙන් කියන්නම්. මීට අමතරව මං දන්න දැනුම වෙලා ඇති හැටියට බෙදා හදාගන්න හිතුවා. කවි සිතුවිල්ලක් ආවොත් නොලියා ඉන්නෙත් නෑ.
ඉතිං අපි දුවමු දෙවනි සිංහල බ්ලොග් මැරත්න්…!
ජයවේවා…!
අපි අද මිනි බ්ලොග් මැරතනයක් දිව්වා. දැන් ඉවරයි. කොහොම හරි හැමෝම බ්ලොග් පැත්තක තියල IRC එකේ මඩ මැරතන් එකක් දිව්වා. ඒකට සමහරු චැට් මැරතන් කියලත් කිව්වා. මඩ රේඩියෝ ව්‍යාපාරයත් ජයටම කෙරුනා. අන්තිමේදි පැය 6 බ්ලොග් පෝස්ට් ගානෙන් බෙදුවහම එන්නෙ දශම ගනංලු.
මොනව උනත් කාලිංග ඇතුළු රෙදෙව් පාලකයින් පීසා කද්දි, අහක උන්නු අපට තෝසෙ කා සැනසීමට සිදුවුනා. වෙලාවකට ඒකත් හොඳට ගියා කියල හිතෙන්නෙ පීසා කාපු අය එව දිරවගන්න සද්ද නැති පැය 2ක් විතර ගත්ත නිසයි.
රස මඩ මැදින් මිනි මැරතන් අවසානයි!
Recent Comments