සීතල සඳ එළියේ ඔබ හා සුරතලියේ
සුදු වැලි පාර දිගේ යන්නට ඇත්නම්
ලස්සන ගීත ගයා දෑතට දෑත තියා
සුන්දර සිහින මවා මා එන්නම්… //
ඔබවේ මාගේ ප්‍රිය සොඳුරී
ගොතලා කීවා ගී මිහිරී
පරදයි වාගේ කෝකිල නාදේ
දෙසවන මාගේ රස මැවුනේ
සීතල සඳ එළියේ…
ඔබ හා එක්වී සැන්දෑවේ
ඔරු පැද යන්නම් ගංගාවේ
ඔය හැඩ මූණේ පෙම් මදහාසේ
කිසි දින නෑ නේ අඩු වූයේ
සීතල සඳ එළියේ…
ගායනය: අනිල් භාරතී
පද රචනය:
සංගීතය: ක්ලැරන්ස් විජේවර්ධන
0 Responses to “සීතල සඳ එළියේ”
Leave a Reply