මුව හසරැලි සාගරයේ

මුව හසරැලි සාගරයේ මුතු වැලක් වෙලා
නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා
දේදුන්නක සඟවලා දෙතොල් රත සලා
ඔබ මගෙ මුළු ජීවිතේ රඟහලක් කළා

සඳ විමනේ විසිතුරු පවසා – නෙත් එළියෙන්‍ තොරතුරු විමසා
පිය වදනේ සළුවත දවටා – සැනසිල්ලේ උණුසුම ගවසා
ඔබ නළවන්නම් – ඔබ සනසන්නම්
මම ඔබ නළවන්නම් – ඔබ සනසන්නම්
නොමියෙනසුළු අදරයක කතා කියන්නම්

මුව හසරැලි සාගරයේ

සඳ විමනේ සොමිගුණ මවලා – දේදුන්නක සිසිලස ඔතලා
මල් කෙමියක මදුරස සොයලා – සල් අරණක පවනැලි නිවලා
ඔබ නළවන්නම් – ඔබ සනසන්නම්
ඔබ නළවන්නම් – මම ඔබ සනසන්නම්
නොමියෙනසුළු අදරයක කතා කියන්නම්

මුව හසරැලි සාගරයේ

ගායනය: ක්ලැරන්ස් විජේවර්ධන
පද රචනය:
සංගීතය:

0 Responses to “මුව හසරැලි සාගරයේ”


  1. No Comments

Leave a Reply