දුන් හිඳ මනමාලී

උඩරට කඳුකරයේ
බැසයන සුන්දරියේ
සුකුමල දුන්හිඳ සුරතලියේ ඔබ
හෙළයට සිරිය ගෙනේ… //

කඳුගැට වටලා මීදුම පටලා
සිරියෙන් රඟන සැටී
නුඹට රිදෙයි නම් හෙමිහිට වැටියන්
දුන් හිඳ මනමාලී… //

උඩරට…

ගල පිට වැටෙනා දියරැලි පුපුරා
මතුවෙයි කඳුලු කැටී
නුඹට රිදෙයි නම් හෙමිහිට වැටියන්
දුන් හිඳ මනමාලී… //

උඩරට…

ගායනය: ඇනස්ලි මාලේවන
පද රචනය:
සංගීතය: ක්ලැරන්ස් විජේවර්ධන

1 Response to “දුන් හිඳ මනමාලී”


  1. 1 vbmaster

    ස්තුතියි, මම ආස සිංදුවක්.

Leave a Reply