ආදරේට කියන කතා

ආදරේට කියන කතා බොළඳ උනාට
සාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට //

තටු සිඳිලා වැළපෙනවා
සිත බැඳිලා හිනැහෙනවා
මල් ඇතුරූ සුව යහනේ
මල් අතුරා පවන් සැලූ
ආදරවන්තයින් පෙලූ බොළඳ කතා…

ආදරේට කියන කතා… //

මල් ගොමුවේ තුරු සෙවනේ
හමුවෙනවා වෙන්වෙනවා
උයන් කොනේ අවන්හලේ
උයන් කොනේ හමුවෙනවා
අවන්හලේ වෙන්වෙනවා – බොළඳ කතා…

ආදරේට කියන කතා… //

ගායනය: ක්ලැරන්ස් විජේවර්ධන
පද රචනය:
සංගීතය: ක්ලැරන්ස් විජේවර්ධන

2 Responses to “ආදරේට කියන කතා”


  1. 1 කල්ප

    එළ එළ තව ලියන්න

  2. 2 පහන්

    කමොන් ශ්‍රීශානු.

Leave a Reply