ආදරේට කියන කතා බොළඳ උනාට
සාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට //
තටු සිඳිලා වැළපෙනවා
සිත බැඳිලා හිනැහෙනවා
මල් ඇතුරූ සුව යහනේ
මල් අතුරා පවන් සැලූ
ආදරවන්තයින් පෙලූ බොළඳ කතා…
ආදරේට කියන කතා… //
මල් ගොමුවේ තුරු සෙවනේ
හමුවෙනවා වෙන්වෙනවා
උයන් කොනේ අවන්හලේ
උයන් කොනේ හමුවෙනවා
අවන්හලේ වෙන්වෙනවා – බොළඳ කතා…
ආදරේට කියන කතා… //
ගායනය: ක්ලැරන්ස් විජේවර්ධන
පද රචනය:
සංගීතය: ක්ලැරන්ස් විජේවර්ධන
එළ එළ තව ලියන්න
කමොන් ශ්රීශානු.