අපි අද මිනි බ්ලොග් මැරතනයක් දිව්වා. දැන් ඉවරයි. කොහොම හරි හැමෝම බ්ලොග් පැත්තක තියල IRC එකේ මඩ මැරතන් එකක් දිව්වා. ඒකට සමහරු චැට් මැරතන් කියලත් කිව්වා. මඩ රේඩියෝ ව්‍යාපාරයත් ජයටම කෙරුනා. අන්තිමේදි පැය 6 බ්ලොග් පෝස්ට් ගානෙන් බෙදුවහම එන්නෙ දශම ගනංලු.
මොනව උනත් කාලිංග ඇතුළු රෙදෙව් පාලකයින් පීසා කද්දි, අහක උන්නු අපට තෝසෙ කා සැනසීමට සිදුවුනා. වෙලාවකට ඒකත් හොඳට ගියා කියල හිතෙන්නෙ පීසා කාපු අය එව දිරවගන්න සද්ද නැති පැය 2ක් විතර ගත්ත නිසයි.
රස මඩ මැදින් මිනි මැරතන් අවසානයි!
විවරවූ කවුළුවෙන් රිංගා ආ
සිසිල් සුළං දහර
පිනවයි ගත සිත
කවුළුවෙන් ඔබ්බෙහි
නේක වර්ණයෙන් පුෂ්පිත තුරුවැල්
සනහයි දෙනයන
රස මසවුළු – අමෘතයත්
කිනම් සැපතක්ද මේ…
චැහ්! පරක්කුයි…
අදත් රතු ඉර වදීද මන්දා…
දුවල දුවල දුවලා දුවලා දුවාලා
දුවල දුවල දුවලා දුවලා දුවාලා
දුවල දුවල දුවලා දුවලා දුවාලා
මැරතන් දුවලා කට්ටිය දැං හති දාලා…
(මටත් පිස්සුය)
නතං කම්මං කතං සාධු
යං කතවා අනුතප්පති
යස්ස අස්සු මුඛො රොදං
විපාකං පටිසේවතී
යමක් කොට පසුතැවෙන්නට වේද, යමක විපාකය කඳුළු පිරුණු මුහුණින් යුතුව අඬමින් විඳීමට සිදුවේද, එබඳු දේ නොකිරීම යහපත්ය.
ධම්ම පදය (නිරය වග්ගය)
තටු යුවලක් මා වෙත ඇවිදින්
පියඹායන්නට උදව්කරයි නම්
පියවර දහයක් මා වෙත ඇවිදින්
එක් පියවරක් තබන්නට හැකි වෙයි නම්
මට හිතෙන්නෙ මේක ආබාධිත දරුවෙකුගෙ සිතිවිල්ලක්…
(දවසක් එකපාරටම මේ පද ටික හිතට ආව. ඒක කොලේක ලියල තියාගත්තා. මං හිතන්නෙ ඒක සින්දුවක් වගේ… තාම මුල පද හතර විතරයි, ඉතිරිය කවද හරි දවසක ලියන්න ඕනෙ…)
කසුරි ලියපු “කන්ද පාමුල” නවකතාව 2007 වසරේ රාජ්‍ය සාහිත්‍ය උළෙලෙදී තේරුණු හොඳම නවකතා 5 අතුරෙන් එකක්. 2007 ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේදි ඒක මිළදී ගත්තත් කියවන්න බැරුව ඒක පොත් රාක්කෙ මුල්ලක තිබුනෙ. සුමානෙකට විතර කලින් තමයි ආයෙත් පොත දැකකෙ. බොහොම ආසාවෙන් ඒක කියවල ඉවර කළා. මටත් පුදුමයි! අවුරුදු ගාණකින් තමයි නවකතා පොතක් කියෙව්වෙ.
මං මේ ලියන්න යන්නෙ කන්ද පාමුල ගැන විචාර සටහනක් නම් නෙමෙයි. ඒ කියවද්දි මට හිතුනු දේ ගැන.
මුලින්ම කියන්න ඕනෙ පොත ලියල තියන ආකාරය ගැන. යමකු හෝ පුද්ගලයෙකු වැඩිදුර වර්ණනා කිරීම් වලින් බැහැරව, නාට්‍යමය ස්වරූපයකින් තමයි පොත ලියල තියෙන්නෙ. දෙබස් වලින් පිටු පිරිලා. ඒ වුනත් වෙදමහත්තගෙයි ඔහුගෙ ගෙදර පිරිසෙයි චරිත හරිම සියුම් විදිහට දක්වල තිබුනා. ඒ අය අප අතරෙම ජීවත් වෙන අය බවට පත්කරල. ඇත්තම කියනවනම්, ඒ චරිත අප අතරෙ ඉන්න චරිතම තමයි.
සාමාන්‍ය පවුලක එදිනෙදා සිදුවීම් ඇසුරෙන් ඒ ජීවිත විනිවිදින්න ගත්තු සාර්ථක උත්සාහයක් කියලයි මට හිතෙන්නෙ. හැමෝගෙම සිතුවිලි විවිධාකාරයි. විටෙක එක අරමුණක් කරාද විටෙක් පරස්පර විරෝධී හෝ ආත්මාර්ථකාමී අරමුණු කරාද එකම පවුලක මිනිසුන් ඇදෙන ආකාරය දක්වා ඇති අයුරු අපූරුයි.
කතාව අවසානයේ මා සිතට නැගුනු අපූර්වතම සිතුවිල්ල තමයි, මා මෙතෙක් කියවා ඇත්තෙ අතිශය සුන්දර ප්‍රේම කතාවක් යන්නයි. මං ඒ කිව්වෙ මොකද්ද කියල පොත කියවපු අය නම් දන්නව ඇති. විටිව් විට හුවා දැක්වූවත්, වඩා උත්තම ස්ථානයක තිබෙන වෙදමහත්තයාත් හාමිනේත් අතර ඇති ආලය මෙසේයැයි කතාව ඉවරවෙනතාක් කියවන්නාට කෙලින්ම පෙනෙන්ට නැහැ. එය කන්ද පාමුල සැඟවුනු අපූර්වත්වයක්.
ඔයාලත් හැකිනම් මේ පොත කියවන්න. ඒ චරිත තුළින් තමන්ගේම ජීවිත දකින්න උත්සාහ කරන්න. අප තුළම චරිත කීයක් නම් ඇත්දැයි සිතා බලන්න.
ඉන්ට දෙනවනං ඉඤ්ඤං
කන්ට දෙනවනං කඤ්ඤං
යන්ට කිව්වොත් යඤ්ඤං
දෙන දෙයක් කාල වෙන දෙයක් බලා ඉන්න සමහරක් ගැන…
සොයමි සිතුවිල්ලක්
ලියන්නට පුංචි කවියක්
ඒත් පේන මානයකවත් නැත එවැන්නක්…
සිතුවිලි ආවාදෙන්
කවි පද ලියවුනාදෙන්
මග බලා ඉඳිමි ඉතින්…
බ්ලොග් මැරතන් දුවන්න ලෑස්තිවුනා කිව්වට ලෑස්තිම වෙලා නෑ… ඒ වෙලාවට හිතෙන දෙයක් ලියනව කියල හිත හදාගෙන හිටියට මුකුත් හිතෙන්නැති ගානයි. අනිත් උං දුවන නිසා කියවන්නත් එපැයි…
දෙවනි පැයත් ගිහින් තාම ලිපි දෙකයි!
සුදාරක මලය, මටත් එක්ක ළිඳෙන් නාපු එකේ මටත් එක්ක බ්ලොග් ලියපං… මට ඔලුවට මොනවහරි ආවහම ලියන්නං…..
මේ කියන්න යන්නෙ මේ කාලෙ මාව දන්න මගේ යාළුවන්ටනං පුදුම හිතෙන කතාවක්…
මං පොඩි කාලෙ බොහොම නිශ්ෂබ්ද ළමයෙක්. (පුදුමයිද?) දැඟලිලි නැටිලි නොතිබුනා නෙමෙයි… හැබැයි ඒ ඔක්කොම වත්තෙ හතරමායිමෙන් ඇතුලෙ විතරයි. පිටදි මං හරි අහිංසකයෙක්. (බෝ පැලේ වගේ කොලු පැංච
)
මට අහල පහල ගෙවල්වල යාළුවො වැඩිය හිටියෙ නෑ. හිටපු කීපදෙනා එක්ක උනත් මං වැඩි බජනෙකට ගියෙ නෑ. ආඩම්බරකමකට නෙමෙයි. (ඒ ගැන දැන් හිතනකොට මටත් පුදුම හිතෙනව)
මං පොඩි එකා කාලෙ සෙල්ලම් කලා. හැබැයි අමුතු අමුතු ඒව. මං මගේම ලෝකවල තනි වුනා. වත්තෙ කොහේ හරි තැනක හෝ තැන්කීපයක ඒ වෙලාවට හදාගන්න මහා විශාල ෆිලිම් සෙට්අප් එකක් (ලොකේෂන් එකක්) තිබුනා. මේක පේන්නෙ මට විතරයි. මං ඒ තැන්වල ජීවිතේට නොදැකපු නළුවොත් එක්ක චිත්‍රපටයක් කළා. (සමහර වෙලාවට අනුන්ට පේන නළුවොත් හිටියා… සෙල්ලම්බඩු එහෙම)
වීරයො, හතුරො… මේ හැමෝම හිටියා… සමහර ඒව දවස් ගනං දිව්වා. සමහර ඒව අවසානයක් නැතුව ඉවර වුනා. සමහර ඒව ශෝකාන්ත…
ඒ කතා මොනවද කියලවත් මට දැන් මතක් කරගන්න බෑ. ඒව එතනිං ඉවරයි.
දැං මං නිශ්ෂබ්ද නෑ… යාළුවො ඕනෙ තරං… අදටත් තනිකමක් එහෙම දැනුනු වෙලාවට මං මගේම ලෝකවලට යනව… සුරංගනා ලෝක දකිනව… ඒ කියන්නෙ අර චිත්‍රපටි හදපු කොලුවත් තාම මගෙත් එක්ක ඉන්නවා… කොයි තරං දිග මිත්‍රකමක්ද?
Recent Comments